තැවෙන දැවෙන
තනිව හඩන
මගෙ අසරණ හද
මඩලේ
දුක් ගිනි
කන්දම නිවන්න
ඒ දුක් ගී
අහන් ඉන්න
නුඹ එනවද
සදවතී . . .
තනි මග මා යන
එන විට
නැගෙන උසුළු
විසුළු වදන්
සිත තලලා
පොඩි කෙරුවත්
කදුළු බිංදු හංගාගෙන
සිනාසෙන්න
කියාදෙන්න
නුඹ එනවද
සදවතී . . .
හිස රන්දා
උරතලයක
කදුළු
වගුරවාලන්නට
හිස අතගා
සනසන්නට
රැකවල් මට
නැති හන්දා
ඒ උණුසුම මට
දෙන්නට
නුඹ එනවද
සදවතී . . .
මා ගත සවි
නැති වනවිට
මට කිසිවෙක්
නැති හන්දා
වාරු ගන්න
බැරි හන්දා
මගේ
මහළු ගතට සිතට
අත්වාරුව වී
ඉන්නට
නුඹ එනවද
සදවතී . . .
No comments:
Post a Comment