Tuesday, January 8, 2013

තරු පිරි අහස



පිණි වැටුන තණ බිස්ස පාමුල
වැතිරුනෙමි තරු පිරි අහස යට‍
නිහඩ නිසසල රජත හැම අත
සද නැතත් නෑ අහස පාළුව‍
දිදුලන්න නිවි නිවී දස අත
ඇති නිසා යායට තරු පොකුර

දැවෙන තැවෙනා විරහ ගී නෑ ඇසෙන මානයේ
සිසිලස සදයි මද සුළග පිණි පොකුරු හාදයේ
නිවනට ගිමන් හති වැටුන දුකම පිරි ලෝකයේ
වියකා දමයි මග ළකුණු කදුළු ගැලු තීරයේ

තරු යාය මත දිටිමි එක් තරුවක්
නිවි නිවී දිදුලනා ඈත සිට ගව් දුරක්
පාළු තනිකම මකන ගෙනෙ‍න සිත සැනසුමක්
                                          දික් විජය කරන්නට ජීවිතේ මංපෙතක්

No comments:

Post a Comment