Tuesday, January 8, 2013

බලා හිදින්නම්



අදුරු වලාවන් පාවී යන්නට
ඒ අතරින් රන් හිරු හිනැහෙන්නට
හිරු කිරණින් පස් පියුම් පිපෙන්නට
මද නල එනතුරු බලා ඉදින්නම්

නියං කෝඩයක් නිමා කරන්නට
දම් පාටින් ලා දළු නැග එන්නට
දැවුනු මහපොලව සිසිල කරන්නට
අළුත් වැස්සකට බලා හිදින්නම්

අවුල් තැවුල් හැම නිමා කරන්න‍ට
දෙනෙතේ කැළුමන් යලි පිබිදෙන්න‍ට
මුව මත හසරැල් මල් පූදින්නට
මොහොතක් එනතුරු බලා හිදින්නම්

No comments:

Post a Comment