Tuesday, January 8, 2013

ත‍වම සොයමි පිවිතුරු සිත ඇයි පැටලුනෙ මෙලෙසින්



මලින් මල‍‍ට නුඹ ආ හැටි මල් හීසර විදිමින්
දුරක ඉදන් බලාසිටිමි මගේ පුරුදු විලසින්
කියූ රසකථා සියල්ල වහසි බස් ම දනිමින්
ත‍වම සොයමි පිවිතුරු සිත ඇයි පැටලුනෙ මෙලෙසින්

පෙර නොදුටු සිහින ලොව ඔය දෙනෙතෙ සෙවූයෙමි
පෙර නොකල පෙම් කථා ඔබ සමග දෙඩූයෙමි
පෙර නොගිය මාවතේ ඔබත ගෙන ඇවිද්දෙමි
පෙර‍ නොවිදි රස ලොවක කිමිදෙන්න බැලූයෙමි

කළු දෙබරෙකු බව දැනම සමනළයෙකු යැයි ඇදහීමි
ඒ සමනල් ලොව සරන්න‍‍ට පෙරුමන් පිරිමි
සිහිනයෙන් ඇද වැටී යන හසර සෙවූයෙමි
කළු දෙබරෙකුම බව පසක් කර ගතිමි

වෙන්න බැහැ මට බාදුරාවක් වනසාලමින් නුඹ
ටිකෙන් ‍ටික දිනෙන් දින සිරකරගෙන මා වෙතම
වැජබෙන්නට ‍උරාගෙන සියල් යස නුඹෙන්
අදුර සමගින් පෙර මග බලන ටිකිරි සිනා කැටි සිහිකර

No comments:

Post a Comment