සිත් අහස
පුරා රටා මැවි
ගව් ගනන් දුර
ඇවිත්
දිලිසි
දිලිසී නැගෙන
අමාවකදිත් මා
අත් නොහරිනා
තරු පිරි අහස
නුඔ
මගේ දිවි මං
අන්ධකාරය
මුදාලන්නට
බිමට සපැමිණි
අනුරාගයෙන්
පිරි සොදුරු සෞම්‍ය
සදකැන් දහර
නුඹ
කුරිරු වූ
ලෝකයක් නගනා
වේදනා දෙන
වදන් අතරින්
දැවි දැවී
නැගෙන මගේ හද වෙත
ගලා හැලෙනා පිණි වැස්ස නුඹ
No comments:
Post a Comment