Tuesday, January 8, 2013

නුඹේ ලෝකය



නුඹේ  ලෝකයේ නුඹට හිමි
කිරුළ පැලැන්දත් ඔබතින්
මහා පවුර සඳා නුඹ මගේ ලොවට
කුහුඹුවෙක් මැයි සදා මම ඉන්නෙ ඔබගෙ ලග

නුඹේ සෙනෙහස කුණාටුව වි
කර කියා ගනු දෙයක් නැති සඳ
අන්ත අසරණ වුවත් මා සිත
හබල බිදි ඔරු කදක් සේ වුව
ඇදෙනවා කිසි බියක් නැතිවම
වෙරළ වී නුඹ ඉන්න බව දැන
බිදුණු සුන් බුන් එක් කරන්න‍ට‍

නුඹේ සොදුරු ඔය සිත් මල වටා
මම පමණක් බමනයුරු දැක
ඔබේ පා දූවිල්ලක් වී මම
සදාකල් ඉන්නවා නුඹ ළග

No comments:

Post a Comment