වැලි අමුණේ ගල් තලාවෙ
හිද තරු කැට යා කරන්න
ඒ තරු කැට සඳ සමගින්
දොඩන මියුරු තතු අහන්න
වැලි අමුණේ ගල් තලාව
නෑ
ගල කඩා විකුණලා
මහ පතහේ නීල දියේ
දියබුං හඬ රැව් දෙවන්න
පුහු පොල් රැකවරණ
දෙන්න
දිය කරණම් පෙන්වන්නට
මහ පතහේ නිල් දිය අද
නෑ
මහ පතහ පුරවලා
බංඩි ලිදේ ලිං පතුලේ
පතුලට දුර සොයා යන්න
ඉස්ගෙඩි ටික අල්ල ගන්න
එහා මෙහා පැන බලන්න
බංඩි ලිදක් අද පෙනෙන්න
නෑ
ලිද ලොකු කරලා
එක හීයේ රටා මවන
අම්බරු රැල දක්කන්නට
අඬහැර පා තුටු වෙන්නට
කොක් රෑනේ සුද බලන්න
අම්බරුවන් අද දකින්න
නෑ
යන්තර සූත්තර පිරිලා
පාළු
අහසෙ තනිව හිදින
සඳ
රැජිණත් වී හැඩ වැඩ
ඇගෙ
පාළුව මකාගන්න
ඇගෙ රුව
ගුණ තවරාගත්
හා
පැටවුන්කෝ ඈ වෙත
පාළුව
තනිකම කවිකර
යැව්වලු
ඈ හිරු දෙවිදුට
හිරු
දෙවිදුන් දයාව පා
තරු දරු
පැටවුන් එවූහ
ලොවට
බෙදන සොමි කිරණින්
නහවා
උන් පිබිදවූහ
ඝණ රැස්
නොව සොමි කිරණින්
දයාව
දෙන යුරු කියූහ
ඈට කුමට
හා පැටවුන්
තරු ඇගෙ
තනි මකාලූහ
වියැකීයන
අමාවකෙත්
උන් ඈ
වෙනුවෙන් හැඩූහ
අහස්
කුසට පාළු නොදී
වැඩි
වැඩියෙන් එළිය දුන්හ
තැවෙන දැවෙන
තනිව හඩන
මගෙ අසරණ හද
මඩලේ
දුක් ගිනි
කන්දම නිවන්න
ඒ දුක් ගී
අහන් ඉන්න
නුඹ එනවද
සදවතී . . .
තනි මග මා යන
එන විට
නැගෙන උසුළු
විසුළු වදන්
සිත තලලා
පොඩි කෙරුවත්
කදුළු බිංදු හංගාගෙන
සිනාසෙන්න
කියාදෙන්න
නුඹ එනවද
සදවතී . . .
හිස රන්දා
උරතලයක
කදුළු
වගුරවාලන්නට
හිස අතගා
සනසන්නට
රැකවල් මට
නැති හන්දා
ඒ උණුසුම මට
දෙන්නට
නුඹ එනවද
සදවතී . . .
මා ගත සවි
නැති වනවිට
මට කිසිවෙක්
නැති හන්දා
වාරු ගන්න
බැරි හන්දා
මගේ
මහළු ගතට සිතට
අත්වාරුව වී
ඉන්නට
නුඹ එනවද
සදවතී . . .