Tuesday, January 8, 2013

මගේ සිත




විටක පුංචි එකියක සේ කෑගසා රග දෙන
විටක පුංචි එකියක සේ සිනාසී හඩ තලන
විටක පුංචි එකියක සේ දබර කර හඩා වැටෙන
විටක පුංචි එකියක සේ ආදරයම අයදින

විටක කදුළු ගංගා වගුරවා ඇද වැටෙන
විටක මහ සයුර සේ චංචලව රැලි නගන
විටක ඝණ අදුර සේ නිහඩ නිසසල වන
විටක හිරු කිරණ සේ ලොව අදුර නිවාලන
විටක සද එළිය සේ අනුරාව වාස්සන‍

විටක මුළු‍ ලෝකයට හොරෙන් සැගවී සිටින
විටක හොද‍ මිතුදමක් ලොවේ හැම අත සොයන
විටක ලොව අසම්මත ඉම් කරා පිය නගන
සැම විටම ලොවේ නැති ප්‍රේමයක් යැද සිටින

No comments:

Post a Comment