Wednesday, January 16, 2013

අනේ අපේ ගම





වැලි අමුණේ ගල් තලාවෙ
හිද තරු කැට යා කරන්න
ඒ තරු කැට ස‍ඳ සමගින්
දොඩන මියුරු තතු අහන්න
වැලි අමුණේ ගල් තලාව නෑ
ගල කඩා විකුණලා

මහ පතහේ නීල දියේ
දියබුං හඬ රැව් දෙවන්න
පුහු පොල් රැකවරණ දෙන්න
දිය කරණම් පෙන්වන්නට
මහ පතහේ නිල් දිය අද නෑ
මහ පතහ පුරවලා

                                                 බංඩි ලිදේ ලිං පතුලේ
පතුලට දුර සොයා යන්න
ඉස්ගෙඩි ටික අල්ල ගන්න
එහා මෙහා පැන බලන්න
බංඩි ලිදක් අද පෙනෙන්න නෑ
ලිද ලොකු කරලා

එක හීයේ රටා මවන
අම්බරු රැල දක්කන්නට
අඬහැර පා තුටු වෙන්නට
කොක් රෑනේ සුද බලන්න
අම්බරුවන් අද දකින්න නෑ
යන්තර සූත්තර පිරිලා

No comments:

Post a Comment